Latestදේශීය

ප්‍රවේශම් වන්න – අදත් දැඩි උණුසුම් දිනයක්

දිවයිනේ  ප්‍රදේශ රැසක අද (29)  දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වල, සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 සහ 45 අතර පැවිය හැකි බව  එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ජනතාවට පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යයට ඇති අහිතකර බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර  ගන්නා  ලෙසද ජනතාවට දැනුම් දෙයි.

ඊයේ (28) දිනයේ වැඩිම උෂ්ණත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් 37.3° ලෙස වාර්තා වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *