රුසියානු විදේශ නි. ඇමති 31 ලංකාවට පැමිණෙයි
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ලබන 31 වෙනිදා ඔහු දිවයිනට පැමිණෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගීවීමට නියමිතය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් පසුගිය කාලය තුළ දෙරටෙහි නායකයින් කටයුතු කළ අතර ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම ඇතුළු සුවිශේෂී සහයෝගයන් වෙනුවෙන් රුසියාව මැදිහත්වීම ද ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රයේ වැඩි අවධානයකට ලක්වූ කරුණක් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

