නගර 10ක් කඩිනමින් සංවර්ධනයට
ප්‍රමුඛතාගත ව්‍යාපෘති සමඟ ඒකාබද්ධව දිවයිනේ නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
බස්නාහිර පලාත හැර, සෙසු පලාත් 08 නියෝජනය වන පරිදි තෝරාගත් නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වව්නියාව, ඇහැලියගොඩ, බදුල්ල සහ මාතර නගර සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික සාකච්ඡාව පසුගියදා (27) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ පැවැත් වූ අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අදාළ ව්‍යාපෘතියෙන්, පසුගිය කාලයේ සැලසුම්කරණයේ අඩුපාඩු, ශක්‍යතා ඇගයීම් නොමැති වීම සහ ආයතන අතර සම්බන්ධීකරණය නොතිබීම හේතුවෙන් ඇතිවූ ගැටලු නිරාකරණය කිරීමටද බලාපොරොත්තු වේ.
මෙම නගර සංවර්ධන සැලැස්ම ජාතික ප්‍රතිපත්ති සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වන අතර, පහසුකම් සහ සේවා වර්ධනය, ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම, සංචාරක ආකර්ෂණය වැඩි කිරීම මගින් කාර්යක්ෂම, තිරසර සහ ආයෝජන සඳහා සුදුසු නගර මධ්‍යස්ථාන නිර්මාණය කිරීම අරමුණ වේ.
තවද, ව්‍යාපෘතියේ ක්‍රියාවලිය තාක්ෂණික, ආර්ථික සහ පාරිසරික වශයෙන් ශක්‍ය බව තහවුරු කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන හා මූලික ව්‍යාපෘති ඇගයීම් සිදු කරනු ලබයි. රජයේ ප්‍රධාන ආයතන සම්බන්ධ කරමින් අන්තර් ආයතන සම්බන්ධීකරණයද මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අංගයකි.
මෙම “10 Cities Development” වැඩසටහන, ඒකාබද්ධ නාගරික ආයෝජන සඳහා විධිමත් රාමුවක් සපයමින්, සමබර කලාපීය සංවර්ධනය සහ විධිමත් ජාතික නාගරික පද්ධතියක් නිර්මාණය කිරීමට දායක වීම අපේක්ෂා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

