Latestදේශීය

රතු වරෙන්තුකරුවන් සොයා

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් රතු වරෙන්තු 89ක් නිකුත් කර ඇති අතර, ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය සහ අදාළ රටවල ආරක්ෂක අංශ සමඟ එක්වී එම වරෙන්තුකරුවන් අත්තඩංගුවට ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ­කාර පොලිස් අධි­කාරී එෆ්.යූ.කේ. වුට්ලර් මේ බව මාධ්‍ය හමුවක දී පැවසීය. එමෙන් ම, රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව රුපියල් බිලියන 101 (කෝටි 10,100) මත්ද්‍රව්‍ය තොග අත්තඩංගුවට ගෙන ඇති බව හෙළි කරනු ලැබීය.

ඊට අමතරව, බහු දින ධීවර යාත්‍රා 09ක් අත්තඩංගුවට ගෙන ජාවාරම්කරුවන්ගේ කෝටි 327ක් වටිනා දේපළ තහනම් කර ඇති බව ද අනාවරණය කළේය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *