Latestවිදේශීය

හෝමුස් ගාස්තු අයකිරීමේ තීරණයට අනුමැතිය – ඇමරිකාවට ඊශ්‍රායලයට හෝමුස් තහනම්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබාදී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙක් මෙම සැලසුම අනුමත කළ බව තහවුරු කර ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඉරානයට එරෙහි සම්බාධක සඳහා දායක වූ අනෙකුත් රටවලටද මෙම තහනම බලපැවැත්වෙනු ඇති බව බවයි.

ලෝකයේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 20%ක් පමණ සාමාන්‍යයෙන් ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම වැදගත් නාවික මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරනු ලබයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ ඇමරිකාව ඒකාබද්ධව සිදු කළ ප්‍රහාර සමඟ ආරම්භ වූ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙම මාර්ගය හරහා සිදුවන ගමනාගමනය 95%කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වෙයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *