Latestවිදේශීය

හෝමුස් විවෘත නොකළොත් ඉරානයේ බලාගාරවලට පහර දෙනවා

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙසත් එසේ නොමැතිනම් ඉරානයේ තෙල් ළිං සහ බලාගාරවලට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමක් පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය.

“දැන් අපි විශාල ප්‍රගතියක් ලබා ඇත. නමුත් කිසියම් හේතුවක් නිසා ඉක්මනින් ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත්, පහරදීම බොහෝ විට සිදුවනු ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත නොකළහොත්, අපි ඉරානයේ සියලුම විදුලි උත්පාදන කම්හල්, තෙල් ළිං සහ කාර්ග් දූපතේ සියල්ල පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත” ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් සහ ලෝකයේ තෙල් සැපයුමෙන් 20% ක් ගමන් කරන ප්‍රධාන වෙළඳ මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම නැවත විවෘත නොකළහොත්, සිවිල් බලශක්ති යටිතල පහසුකම් පමණක් නොව සමහර විට ජලයේ ලවණ ඉවත් කිරීමේ සියලුම කම්හල් විනාශ කරනවා” යි ඔහු පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *