මියන්මාරයේ නව ජනාධිපති ජෙනරාල් මින් අවුන් හ්ලියිං
මියන්මාරයේ හමුදා පාලන ඒකකයේ නායක ජෙනරාල් මින් අවුන් හ්ලියිං, එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට පත්ව තිබේ.
යුද්ධයෙන් සහ දේශපාලන අස්ථාවරත්වයෙන් පීඩාවට පත්ව ඇති මියන්මාරය තුළ සිය බලය නිල වශයෙන් තහවුරු කර ගැනීමට 69 හැවිරිදි හ්ලියිං මෙලෙස සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් ඇතැම් පාර්ශ්ව මෙම ක්‍රියාවලිය හැඳින්වූයේ ප්රජාතන්ත්රවාදයේ මුවාවෙන් හමුදා පාලනය පවත්වාගෙන යාම සඳහා වූ ප්‍රෝඩාවක් ලෙසයි.
2021 වසරේදී නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ පාලනයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවූයේ ද මෙම ජෙනරාල්වරයා විසිනි.
ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් අනතුරුව මියන්මාරය පුරා හටගත් දැවැන්ත මහජන විරෝධතා පසුව හමුදා පාලනයට එරෙහි රටපුරා ව්‍යාප්ත වූ සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

