Latestවිදේශීය

ඇමරිකාව හෙල්ලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාව

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඊයේ (02) ජාතිය අමතා කතා කරන අවස්ථාව වනවිට එරට තුළ ඉන්ධන බැරල් එකක මිල ඩොලර් 100 සීමාවේ පැවති අතර, ක්ෂණිකව එය ඩොලර් 105 දක්වා ද, පසුව ඩොලර් 107 සහ දිනය අවසන් වනවිට ඩොලර් 109.3 දක්වා ද වේගයෙන් ඉහළ යාම නිසා ඇමරිකානුවන් තිගැස්මකට ලක් වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් NATO සංවිධානයට එරෙහිව මෙයට පෙර අවස්ථාවක දී ප්‍රබල අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් කරනු ලැබීය. එම සංවිධානය බොරු චණ්ඩියෙකු බවත්, ඇමරිකාවට එයින් කිසිදු ප්‍රයෝජනයක් නැති අතර, එයින් ඉවත් විය යුතු බවත් ප්‍රකාශ කර තිබිණි.

ඇමරිකානු ජනතාව මේ වනවිට දැඩි උද්ධමනයකට මුහුණ දී සිටින අතර, නේටෝ සංවිධානයට අයත් ජනතාව ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව පොදු මතයකට පැමිණෙමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තාවලින් දැක්වේ. “මම කවදාවත් නේටෝව මත යැපුණේ නෑ. නේටෝ සංවිධානය බොරු චණ්ඩියෙක් බව මම කවදත් දැන ගෙන සිටියා. මම විතරක් නෙවෙයි පුටින් පවා ඒක දන්නවා.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *