ඉරානය ඇමරිකානු ගුවන් යානා දෙකක් බිම දමයි
ඉරානයට එරෙහිව සටන් මෙහෙයුම් සිදු කරමින් සිටියදී සිකුරාදා වෙනමඅවස්ථා දෙකකදී එක්සත් ජනපද හමුදා යුද ගුවන් යානා දෙකක් ඉරානය විසින් ප්රහාර එල්ල කර බිම හෙළා තිබේ.
මැද පෙරදිග යුද ගැටුම් ආරම්භවීමෙන් අනතුරුව ඉරානය විසින් අමෙරිකානු ගුවන් යානයක් බිම හෙළන ලද පළමු අවස්ථාව මෙයයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සිදුකළ විශේෂ ප්රකාශයකින් දින දෙකකට පසුව වීම ද විශේෂත්වයකි.
පසුගියදා ජාතිය අමතමින් ට්රම්ප් අවධාරණය කළේ අමෙරිකාව විසින් ඉරානය මේ වන විටත් සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවයි. “අපි ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කළා. දැන් තිබෙන්නේ මෙම මෙහෙයුම අවසන් කිරීමයි. එය අපි ඉතා ඉක්මනින් සිදු කරනවා,” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් ප්රකාශ කර තිබුණි.
ඉරානයට එරෙහි අමෙරිකා, ඊශ්රායල මෙහෙයුම් ආරම්භ කර මේ වන විට සති පහක කාලයක් ඉක්ම ගොස් ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

