Latestවිදේශීය

ප්‍රංශ නෞකාවක් හෝමුස් හරහා ගමන් කරයි

අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම ආරම්භ වීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගිය පළමු ප්‍රංශ නෞකාව බවට CMA CGM බහාලුම් නෞකාව පත්වේ.

මේ නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධියෙන් සාර්ථකව පිටව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරානය විසින් තමන්ට හිතවත් රටවලට අයත් නැව් සඳහා මීට පෙර අනුමත කළ මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට අවසර දී තිබේ.

කෙසේ වෙතත් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට මෙන්ම ඔවුන්ගේ ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටින රටවලට හෝමුස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා නොදීමට තමන් දැඩි තීරණයක සිටින බව ඉරානය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *