Latestදේශීයනවතම ලිපිසංස්කෘතික

ප්‍රසන්න විතානගේ මොස්කව් චිත්‍රපට උළෙලේ ජූරි සභාපති ධූරයට

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරගකාරී අංශයේ ජූරි සභා විනිශ්චය මණ්ඩලයේ සභාපති ධුරයට තෝරාගෙන තිබේ. 

ලෝකයේ පැරණිතම සිනමා උළෙලක් ලෙස සැලකෙන මොස්කව් සිනමා උළෙල අප්‍රේල් 16 වැනිදා සිට 23 වැනිදා දක්වා රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එහි තරගකාරී අංශයට ලොව පුරා රටවල් අතරින් චිත්‍රපට 15ක් තෝරාගෙන තිබේ. එම ජූරි සභාවේ සභාපති ධුරයට ප්‍රසන්න විතානගේ තෝරා ගැනීම ශ්‍රී ලංකාවට අන්තර් ජාතික වශයෙන් විශාල කීර්තියක් ගෙන දෙන්නක් වී ඇත.

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, මාලනී ෆොන්සේකා ප්‍රධාන භූමිකාව නිරූපණය කළ  “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍ර පටය වෙනුවෙන් 1975දී මොස්කව් උළෙලේ ඩිප්ලෝමා සහතිකයක් හිමි විය. එය මාලනී ෆොන්සේකාගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ඉහළම ඇගයීමක්ය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *