Latestවිදේශීය

මේ පැය තීරණාත්මකයි ?

ඉදිරි පැය කිහිපය ඉරානයට තීරණාත්මක පැය කිහිපයක් වනු ඇති බවට මේ වන විට අනාවැකි පළව තිබේ.

මීට හේතුව වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය Truthsocial ගිණුමේ තැබූ සටහනක් අනුවය.

එමගින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එරට වේලාවෙන් අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය වනු ඇති බවය.

කෙසේ නමුත් එය සිදුවීමට තමාට අවශ්‍ය නොවන නමුත් එය බොහෝ විට සිදුවනු ඇති බවත් වෙනස් බුද්ධිමත් සහ අඩු රැඩිකල් මනසක් පවතින තැන ඇතැම්විට විප්ලවීය ලෙස යමක් සිදුවිය හැකි බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව ඇත.

එමෙන්ම ලොව දිගු හා සංකීර්ණ ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවන්ගෙන් එකක් වන අද රාත්‍රියේදී එය සොයා ගනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව තිබේ. 

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සටහන තබා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී ඇති කාලය අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රි 8.00ට අවසන් වීමත් සමගය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *