Latestදේශීයනවතම ලිපි

කියුබාව රැකගන්න පෙරට එන්න – නුවන් බෝපගේ

” කියුබාවට එරෙහි සම්බාධක කඩමු ! සහෝදරත්වයෙන් බැඳෙමු ! ” මැයෙන් පසුගිය දා (06) කොළඹ පදනම් ආයතනයේ දී කියුබාවට සහයෝගය පළකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. මෙම අවස්ථාවට ලංකාවේ කියුබානු තානාපතිවරිය සහ කලාකරුවන්, දේශපානලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ

” මේ ඇවිත් තියෙන්නේ අපි කියුබාවට කොන්දේසි විරහිතව සහයෝගය දැක්විය යුතු මොහොතක්. අපි දන්නවා 1962 ඉඳලා කියුබාව ලෝකයේ දීර්ඝතම සම්බාධක අත්විඳිමින් ඉන්නවා. හැබැයි ඒ කියුබාව තවමත් අත් නොහැර මනුෂ්‍යත්වයේ නාමයෙන් පෙනී ඉන්නවා. ඇමරිකාව වගේ රටවල් මිසයිල බෝම්බ හදද්දි ලෝකය පුරා ලක්ෂ හතරක් කියුබානු වෛද්‍යවරුන් සේවය කරනවා. බහුජාතික සමාගම් ඖෂධ ජාවාරම් කරන වෙලාවක කියුබාව කොරෝනා වැක්සින් එක ලෝකෙට දායාද කළා. අපි දැක්කා එක වෙලාවක නැම්බියාව වෙනුවෙන් කොන්ද පණ ඇතුව කියුබාව පෙරට ආවා. මේවා සමාජවාදී කියුබාව ලෝකයේම මනුෂ්‍යත්වය වෙනුවෙන් කරපු කාර්‍යයයන්ගෙන් කොටසක් විතරයි.


අද අධිරාජ්‍යවාදී රටවල් වලිකමින් ඉන්නේ ඒ සමාජවාදී කියුබාව වට්ටන්න. ඔවුන් දශක ගණනක් තිස්සේ කියුබාවට සම්බාධක පණවමින් කියුබාව ආර්ථිකව වට්ටන්න ගන්න පුලුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් ඉන්නේ. දැන් අපි ඉන්නේ තීරණාත්මක මොහොතක. අද වෙද්දි ඇමරිකාව කියුබාවට එරෙහිව සියලු අවි ඔසවලා අවසානයි. දැන් ඔවුන් සූදානම් වෙනවා ප්‍රජාතන්ත්‍රවිරෝධී විදිහට කියුබාව ආක්‍රමණය කරන්න. මේ වෙද්දි කියුබානු ජනතාව ඉන්නේ විශාල අවධානමක. ඔවුන්ට බරපතළ බලශක්ති අර්බුදයකට, ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙලා. තව පැත්තකින් කියුබාවට යුද අවදානමක් මතුවෙලා තියනවා. මේ නිසා කියුබානු ජනතාව ඉන්නේ ජීවිත අවධානමක් එක්ක.
ඒ නිසා අපි මේ වෙලාවේ අත්‍යාවශ්‍ය ආහාරවලින්, ඖෂධවලින් කියුබාවට උපකාර කරමු. අපි අපේ මිත්‍රත්වයේ දෑත් කියුබාව වෙනුවෙන් ඔසවමු. ඒ සඳහා එකතුවෙන්න කියලා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා “


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *