දිට්වා ආපදාවෙන් පීඩාවට පත් වතු ප්‍රජාවට සහන රැසක්
දිට්වා ආපදාවෙන් පීඩාවට පත් වතු ප්‍රජාවට නිවාස සහන සහ කුඩා තේ වතු හිමියන්ට නව පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
පසුගිය දා (07) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසිය.
දැනට සේවයේ නියුතු වතු කම්කරුවන්ට, වතු සේවයෙන් විශ්‍රාම ලබා තවමත් ලයින් කාමරවල පදිංචිව සිටින අයට, සහ වතු සේවයේ නියුතු නොවූවත් පරම්පරාවෙන් උරුම වූ ලයින් කාමරවල අවම වශයෙන් වසර පහක් පදිංචිව සිටින පාර්ශවයන්ට මෙම සහනාධාරය හිමිවන බව අමාත්‍යවරයා පැවසුවේය.
පූර්ණ ලෙස විනාශ වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක දක්වා සහන මුදලක් ලබා දෙන අතර, එය නව නිවසක් මිලදී ගැනීමට හෝ වෙනත් ඉඩමක නිවසක් ඉදිකිරීමට භාවිතා කළ හැකි බවත් විකල්පයක් ලෙස, රජය ඉඩම් ලබා දී වර්ග අඩි 650ක නිවසක් ඉදිකර දීම සඳහාද මැදිහත් වීමට කටයුතු කරනු ඇතැයිද පැවසීය.
අර්ධ ලෙස හානි වූ නිවාස සඳහා උපරිම වශයෙන් රුපියල් ලක්ෂ 25ක දක්වා වන්දි ලබා දෙන අතර, තක්සේරු කිරීමකින් තොරව වන්දි ලබා ගැනීමට කැමති පාර්ශවයන් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමටද පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

