Latestදේශීය

සජිත් ප්‍රේමදාස ද? AI ප්‍රේමදාස ද?

උදය ගම්මන්පිල නිකුත් කළ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රබන්ධයේ මුල් පෙළේ ආරාධිතයෙකු ලෙස සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මේ වනවිට නවතම වාසගමක් එක්වී ඇත.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වීම සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ තහවුරු කිරීමක් සමගින් මෙම වාසගම පටබැඳී තිබේ. ඒ.අයි ප්‍රේමදාස යනුවෙන් දේශපාලන විචාරකයන් ඔහුව හැඳින්වීමට පටන් ගෙන ඇත.

මෙයට හේතු වූයේ උදය ගම්මන්පිලගේ උත්සවයට සජිත් ප්‍රේමදාස නොගිය බවත් AI තාක්ෂණය එක්කර ගනිමින් ඔහු එම උත්සවයට සම්බන්ධ වූ බවට ප්‍රචාරය කර ඇති බවත් ප්‍රකාශ කිරීමත් සමගය.

නලින් බණ්ඩාර අනුව යමින් මන්ත්‍රී ජගත් විතානද තහවුරු කර තිබුණේ AI තාක්ෂණයෙන් කළ නිර්මාණයක් අදාළ ඡායාරූප සහ වීඩියෝ පටවල අන්තර්ගත කර තිබෙන බවය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *