Latestවිදේශීය

හෝමුස් කාල සීමාව අවසන්, මෙතැන් සිට………..

හෝමුස් සමුද්‍ර සන්ධිය නිද­හස් කිරීම සඳහා අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරා­න­යට ලබා දුන් කාල­සී­මාව අමෙ­රි­කානු වේලා­වෙන් ඊයේ රාත්‍රී 8.00ට (ශ්‍රී ලංකා වේලා­වෙන් අද අලු­යම 5.30ට) අව­සන් වීමට නිය­මිත තිබූ අතර, ඊයේ පස්ව­රුව වන විට ඉරා­නය සහ අමෙ­රි­කාව වෙත ජාත්‍ය­න්ත­රයේ දැඩි අව­ධා­නය යොමුවී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද වන විට තත්ත්වය කෙසේ වුවද, නිය­මිත කාල­සී­මාව ඇතු­ළත හෝමූස් විවෘත නොක­රන්නේ නම් ඉරා­නයේ සියලු බලා­ගාර සහ පාලම් විනාශ කරන බවට ට්‍රම්ප් කළ අන­තුරු ඇඟ­වී­මට ප්‍රති­චාර ලෙස මැද­පෙ­ර­දිග සියලු බල­ශක්ති යටි­තල පහ­සු­ක­ම්ව­ලට පහර දෙන බවට ඉරාන ආර­ක්ෂක හමු­දාව කළ අන­තුරු ඇඟ­වීම නිසා යුද්ධය උත්සන්න වීමේ අව­දා­නම ඉහළ ගොස් තිබිණි.

නිය­මිත කාල­සී­මාව ගෙවී­යෑ­මට පැය කිහි­ප­යක් ඉති­රිව තිබි­යදී ඊයේ පස්ව­රුවේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරා­න­යට නැවත තර්ජ­නය කර තිබූ අතර, ඉරා­නයේ සියලු ශිෂ්ටා­චාර එක් රැය­කින් විනාශ වනු ඇතැයි ද, නැවත කිසි­දි­නෙක මිනිස් ශිෂ්ටා­චා­ර­යක් දකි­න්නට නොලැ­බෙනු ඇතැයි ද බර­ප­තළ ලෙස අන­තුරු ඇඟවූ බව වාර්තා වේ. සිය නිවේ­ද­නය අව­සා­නයේ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ඉරා­නයේ ජන­තා­වට ‘දෙවි­යන්ගේ පිහි­ටයි’ යනු­වෙන් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *