උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළ පසුව දෙවන වරට උතුරු කොරියාව ප්‍රබල මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබේ.
මෙයට පෙර එම යුද්ධය ආරම්භ වූ පසු හෝමූස් සමුද්‍ර සන්ධිය මුදා ගැනීමට නේටෝ සංවිධානයේ බලය යෙදවීම පිළිබඳව සංවාදය උච්ඡස්ථානයකට පැමිණ තිබූ පසුබිමේ දී ද උතුරු කොරියාව අවි ප්‍රදර්ශනයක් සිදු කර තිබිණි. සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඊශ්‍රායලය ලෙබනනයට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරමින් තිබෙන පසුබිමක උතුරු කොරියාව මෙලෙස මිසයිල අත්හදා බලා තිබේ.
අද (09) ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අලුයම මෙම අත්හදා බැලීම් සිදු කර ඇති බව රොයිටර් වාර්තා කර තිබුණේ “උතුරු කොරියාව සඳුදා සහ බදාදා අතර කාලය තුළ උපායශීලී බැලස්ටික් මිසයිලයක ක්ලස්ටර්-බෝම්බ යුධ හිසක් සහ විද්‍යුත් චුම්බක අවි පද්ධතියක් ඇතුළු විවිධ මිලිටරි තාක්ෂණයන් අත්හදා බැලූ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය KCNA බ්‍රහස්පතින්දා වාර්තා කළේය.” යනුවෙනි.
North Korea tests military assets including ballistic missile, KCNA reports
By Reuters
April 9, 20263:43 AM GMT+5:30Updated
SEOUL, April 9 (Reuters) – North Korea conducted tests of various military technologies between Monday and Wednesday including the cluster-bomb warhead of a tactical ballistic missile and an electromagnetic weapon system, state media KCNA reported on Thursday.
The country’s Academy of Defence Science and the Missile Administration conducted tests of an electromagnetic weapon system, carbon fiber bombs, a mobile short-range anti-aircraft missile system, and a tactical ballistic missile’s cluster bomb warhead, according to the KCNA.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

