මුණුපුරාගේ පහරදීමෙන් මිත්තනිය මියයයි
තඹුත්තේගම – මල්වානේගම ප්රදේශයේ දී කාන්තාවකට පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (08) උදෑසන මරණකාරියගේ මුණුපුරා විසින් පුද්ගලික ආරවුලක් හේතුවෙන් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ වයස අවුරුදු 82 ක් වූ මල්වානේගම, තඹුත්තේගම ප්රදේශයේ පදිංචිකාරියකි.
වයස අවුරුදු 23 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

