Latestදේශීය

වසර 11කට පසු මහින්ද රාජපක්ෂ වත්කම් බැරකම් ප්‍රකාශය බාරදෙයි

තමන්ගේ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය වසර 11ට පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බාරදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඊයේ කටයුතු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශය ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලිඛිතව දැනුම් දී ඇත්තේ 2015 දෙසැම්බර් 14 වැනි දාය.

එහෙත් ඔහු සිය දේශපාලන බලය මත එම ඉල්ලීම ඉවත දමා තිබේ.

මේ සම්බන්ධයෙන් අවසන් නිවේදනය යොමු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂට යවමින් අප්‍රේල් මස 10වැනි දිනට පෙර විධිමත්ව සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් මගින් එම වත්කම් පිළිබඳ විස්තර සහ ඒවා උපයා ගත් ආකාරය හෙළි කරන ලෙසට නියෝග කර තිබේ.

ඒ අනුව මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දීම ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඊයේ (10) තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදීමට සිදුව ඇත.

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ තම දැනුම්දීම අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ වත්කම් පිළිබඳ අද දින දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බවය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *