ගල් අඟුරු ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලා ජනාධිපති ලේකම් CIDයට
ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම් සනත් කුමානායක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, ශ්රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමිනි.
ඒ අනුව 2009 වසරේ සිට මෙරටට ගල් අඟුරු ආනයනය කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පැවැත්වීමට නියමිතය.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

