Latestවිදේශීය

මොජ්තබා කමේනිට බරපතල තුවාල

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව එහි දැක්වේ.

එම ප්‍රහාරයෙන් නව නායකයාගේ මුහුණට සහ එක් පාදයකට හෝ දෙකටම සැලකිය යුතු තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඉරාන නව උත්තරීතර නායක 56 හැවිරිදි වියේ පසුවන මොජ්තබා, වීඩියෝ තාක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සම්බන්ධ වී යුද්ධය මෙහෙයවන බව වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *