‘එකඟතාවයක් නැහැ – සාකච්ඡා අවසන් – අපි පිට වෙනවා‘ – ඇමරිකාව
ඉරානය සහ එක්සත් ජනපදය අතර පැය 12ක් පුරා පැවැති සාකච්ඡා තවදුරටත් ඉදිරියට නොයන බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබේ.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බවයි.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත්ය.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සහ එක්සත් ජනපදය අතර සාම සාකච්ඡා ඊයේ (11) ආරම්භ වූයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලයේදීය.
මෙම සාකච්ඡා සඳහා පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර එම සාකච්ඡා ඊයේ පස්වරුවේ ආරම්භ විය.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ සාම සාකච්ඡා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය න්‍යෂ්ටික ගැටළුව, යුද වන්දි, සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයට සහ කලාපය තුළ පවතින යුදමය තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදී ඉරානය විසින් සාකච්ඡාවට ගෙන තිබේ.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර පැවැත්වෙන මෙම සාකච්ඡා හී පොදු රාමුවකට ළඟා වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් නොවනු ඇති බවත් ඉරානය පවසා ඇතැයිද සඳහන් වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

