Latestදේශීය

සුදුසුකමක් නැති සමාගමකට ගල්අඟුරු ටෙන්ඩරය ලබාදීම දැවැන්ත වංචාවක් – චමින්ද විජේසිරි

කිසිදු සුදුසුකමක් නොමැති සමාගමකට ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය ලබාදීම දැවැන්ත වංචාවක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ) ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් පළකළ චමින්ද විජේසිරි මහතා,

ඉතිහාසය පුරාම අපේ රණවිරුවන් විවේචනය කළා. රණවිරුවා සොල්දාදුවා කිවුවා. විවිධාකාරයෙන් ප්‍රකාශයන් කළා. අද ඔවුන්ගේ කටින්ම රණවිරුවන්ගේ අගය ගැන කතා කිරීම සම්බන්ධයෙන් සතුටු වෙනවා.

ඒ වගේම ගල්අඟුරු ටෙන්ඩරය ලබාදුන් සමාගම ලියාපදිංචි සමාගමක් බවට ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ලියාපදිංචි වෙලා තිබෙන්නේ ප්‍රමාද වෙලා කියනවා. ලියාපදිංචිය තහුවුරු කරන්න වෙනස් සමාගම් ඉල්ලීම් කරද් දී ඒ අවස්ථාව ලබාදී නැහැ.

ඒ අනුව මේ වංචාවක්, තමන්ට ගැළපෙන ආයතනයටම ලබාදෙන්න කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරනවිට අපි නිහඩව ඉන්නේ බයට නොවෙයි. බොරුව, වංචාව සහ නොහැකියාව එතුමාගේ කටින්ම කියන්න ඉඩ දෙන්නයි. ඒක අපිට හොඳයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *