සයිබර් අපරාධකරුවන්ගෙන් හැකි ප්‍රමාණයක් යලි අයකර ගැනීමට උත්සාහ කරනවා – හර්ෂණ සූරියප්පෙරුම
සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලෙන් හැකි ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සාහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පැවසිය.
අද (23) මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.
මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් හරහා සිදු වූ බවට 2026 ජනවාරි මාසයේදී දැන ගැනීමට ලැබුණු බවත් ඒ් බව දැනැගත් විගස අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්බවද ලේකම්වරයා පැවසීය. සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් අපරාධයක් සිදු කර ඇතැයිද පැවසීය.
ශ්‍රී ලංකාව ප්රතිවහ්යුහගතකරණය කළ ණයවලින් ඕස්ටේ්රලියාවට පසුගිය වසරේ අගදී යොමුකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනිකව ලබාගෙන ඇති බවත් ණය හිමියන් කීපදෙනකුට යොමුකළ එම මුදල් වෙනත් පාර්ශවයක් ලබාගෙන ඇතැයිද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු තානාපතිවරයා සහ ණයහිමියා ද දැනුවත් කළ බව ද හර්ෂණ සූරියපෙරුම මහතා පැවසීය.
මෙම සිද්ධියට අදාළව අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල මත නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ලේකම්වරයා පැවසීය
නැවත මෙවැනි සිදුවීම් නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

