චමල් හෙළිවෙයි – ඉඩම් නැතිවෙයි
චමල් රාජපක්ෂ ප්‍රජා සංවර්ධන පදනම යන නමින් පිහිටුවා ගෙන තිබූ සංවිධානයක නිල නාමය මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම යන නාමයෙන් පසුව වෙනස් කර පර්චස් 65ක ඉඩම් කොල්ලයක් දියත් කර තිබූ බව අධිකරණයේ දී තහවුරු විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙසින් පත් වූ මුල් අවස්ථාවේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජ සේවා සංවිධානයට අරමුදල් තර කර ගැනීම සඳහා හම්බන්තොට නගරයේ ඉන්ධන පිරවුම්හලක් ආරම්භ කිරීමට පර්චස් 65ක ඉඩමක් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතියෙන් ලබා දී තිබිණි. ඒ අනුව, රතු කුරුස සංවිධානය ඉන්ධන පිරවුම් හළ ඉදිකර 2010 සැප්තැම්බර් මාසය වනවිට ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති අතර, එහි මූලික වගකීම රතු කුරුස සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපති ලෙස කේ. එච්. ප්‍රේමතිලක පත් කරනු ලැබීය.
මේ අතර, අයථා මූල්‍ය ගනුදෙනු නිසා කේ. එච්. ප්‍රේමතිලක රතු කුරුස සභාපති ධුරයෙන් ඉවත් කර තිබූ අතර, මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනමේ සභාපති ලෙස ඔහු දිගටම ක්‍රියා කර තිබිණි. මේ අතර, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් රතු කුරුස සංවිධානය කරුණු දක්වා ඇත්තේ තම සංවිධානයට ලබා දුන් පර්චස් 65ක ඉඩම පසුව මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනමට ලබා ගෙන ඇති බවයි. එම පෙත්සම 2015 අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණ ද විභාගයට ගෙන තිබෙන්නේ 2024 වසරේ දී ය.
එම නඩු විභාගය අවසන් කර ඊයේ (28) තීන්දුව ලබා දෙමින් මාගම්පුර පදනමට ලබා දී ඇති ඉඩම් සියල්ල අවලංගු කරන ලෙසට නියෝග කරනු ලැබීය. චමල් රාජපක්ෂ පදනම පසුව මාගම්පුර ප්‍රජා සංවර්ධන පදනම ලෙසින් නාමය වෙනස් කර ඇති ආකාරයත්, කේ. එච්. ප්‍රේමතිලක නැමැත්තා යොදා ගනිමින් රතු කුරුස සංවිධානයේ ඉඩම චමල් රාජපක්ෂ පදනමට ලබා ගත් ආකාරයත් අධිකරණය ඉදිරියේ තහවුරු වී තිබේ.

@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

