Latestදේශීය

පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස පිටවයති

දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහිපස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.

අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා, ‘ආලෝක’ සුනඛයා සහ තවත් ගිහි පිරිසක් මෙලෙස අද උදෑසන 07.12ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොස් තිබුණි.

ඉන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම උන්වහන්සේලාගේ අභිප්‍රාය වෙති.

භික්ෂුන් වහන්සේලා පිරිස අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත දන් පිළිගැන්වීමෙන් අනතුරුව, ගුවන් තොටුපොළ විවිධ අංශවල සේවයේ නිරත සේවක සේවිකාවන් ද පැමිණ ආශිර්වාද ලබාගත්හ.

මෙහිදී ආලෝකගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පශු වෛද්‍යවරුන්, ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කර තිබුණි.

“එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *