Latestදේශීය

මහින්දානන්දලාගෙන් දුම්රිය දේපල යලි පවරා ගනී 

වසර 20කට අධික කාලයක් මහින්දානන්ද අලුත්ගමගේ පදනම විසින් බදු පදනම මත පවත්වාගෙන ගිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නිෂ්චල සහ චංචල දේපළ සියල්ල යළි දුම්රිය දෙරපාර්තමේන්තුවට පරාගැනීමට අද (02) පෙරවරුවේ නිල වශයෙන් කටයුතු කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නාවලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී එහි සභාපති ප්‍රවාහන හා දුම්රිය නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන දැනුම්දීමක් කර තිබිණි.

ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක විසින් සිදු කර ඇත.

ඉදිරියේදී මෙම ඉඩම ජනතාවට ප්‍රයෝජනයක් වන මහජන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බව ද සඳහන් වේ.

මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට කැරම්බෝඩ් නඩුවේ චෝදනාවලට වරද කරුවීමෙන් සිර දඬුවම් විඳින්නේය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *