Latestදේශීය

මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 23දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

තායි­ල­න්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙර­ටට රැගෙන ඒමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ චීව­ර­ධා­රීන් විසි තුන්දෙනා එළැ­ඹෙන මැයි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මීග­මුව අති­රේක මහේ­ස්ත්‍රාත් සුබානි අබේ­සේ­කර මහ­ත්මිය ඊයේ (12) නියෝග කළාය.

තායි­ල­න්තයේ සංචා­ර­යක නිරත වූ චීව­ර­ධා­රීන් විසි­දෙ­දෙ­නෙකු අප්‍රේල් 25 වැනිදා මෙර­ටට පැමිණි අව­ස්ථාවේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළේදී අත්අ­ඩං­ගු­වට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලු­වල තිබී ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් 112ක් හමු­වී­මත් සම­ඟය.

ඔවු­න්ගෙන් සිදු­කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී අනා­ව­ර­ණය වී තිබුණේ අමි­තා­නන්ද නම් චීව­ර­ධා­රි­යකු විසින් මෙම නීති­වි­රෝධි ක්‍රියාව මෙහෙ­යවා ඇති බවයි.

ඒ අනුව අමි­තා­නන්ද නම් චීව­ර­ධා­රි­යාද ගම්පහ මීග­හ­වත්ත ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක සැඟව සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින්පෙර අව­ස්ථා­ව­ලදී ද මත්ද්‍රව්‍ය මෙර­ටට ගෙන ඒම සඳහා ඊට ආධාර අනු­බල දුන් මහ­මුද් මොහො­මඩ් නමැති පුද්ග­ල­යකු කොළඹ ප්‍රදේ­ශ­යේදී ඉකුත් 8 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එම පුද්ග­ලයා මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉකුත් 9දා ඉදි­රි­පත් කළ අතර 14 වැනිදා දක්වා තව­දු­ර­ටත් රඳවා ප්‍රශ්න කරන ලෙසද මීග­මුව අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

සැක­ක­රු­වන් පිරිස දින 14ක කාල­යක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අතර බන්ධ­නා­ගාර නිල­ධා­රීන් විසින් මෙහි ප්‍රධාන සැක­කාර අමි­තා­නන්ද නම් චීව­ර­ධා­රියා සහ සෙසු චීව­ර­ධා­රීන් විසි­දෙ­දෙනා ඊයේ (12) පෙර­ව­රුවේ මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය.

අන­තු­රුව මීග­මුව අති­රේක මහේ­ස්ත්‍රාත් සුබානි අබේ­සේ­කර මහ­ත්මිය හමුවේ නීති කෘත්‍යය කැඳවූ අව­ස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් පැමිණ සිටියේ නැත. එහිදී එම නිල­ධා­රීන් පැමි­ණෙ­න­තුරු එම නීති කෘත්‍යය ආරම්භ කිරීම හතර වාර­යක් කල් තැබීය. එහිදී වෙනත් නඩු සඳහා පැමිණ සිටි මත්ද්‍රව්‍ය කාර්‍යාං­ශයේ නිල­ධා­රීන්ට කියා සිටියේ මෙම නඩු සඳහා පැමි­ණෙන නිල­ධා­රීන් ප්‍රමාද වීමට හේතුව සොයා බලන ලෙසයි. එහිදී එම නිල­ධා­රීන් සඳ­හන් කළේ අදාළ නිල­ධා­රීන් තව­මත් අධි­ක­ර­ණ­යට පැමි­ණෙ­මින් සිටින බවයි. 11.30 වන තුරු අදාළ නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට නොපැ­මිණි නිසා නඩු විභා­ගය ආරම්භ කිරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය. නඩු 22ක් ඇති බැවින් පළමු නඩුව ආරම්භ කළ අව­ස්ථාවේ දී මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාං­ශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සිල්වා මහතා, උප පොලිස් පරී­ක්ෂක රාජ­පක්ෂ මහතා, කාන්තා උප පොලිස් පරී­ක්ෂක ලක්මාලි මහ­ත්මිය යන අය 26 වැනිදා අධි­ක­ර­ණ­යට පැමිණ විවෘත අධි­ක­ර­ණ­යේදී නොපැ­මි­ණී­මට හේතුව දැක්විය යුතු බවයි.

කෙසේ වෙතත් එම නියෝග ලබා දුන් අව­ස්ථාවේ කාන්තා උප පොලිස් පරී­ක්ෂක ලක්මාලි මහ­ත්මිය අධි­ක­ර­ණ­යට පැමි­ණි­යාය. එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය දැඩි ලෙස දෝෂා­රෝ­ප­ණය කර­මින් විමසා සිටියේ දැන් වේලාව කීයද? යැයි කියාය. ඊට පිළි­තුරු දෙමින් ලක්මාලි මහ­ත්මිය සඳ­හන් කළේ 11.45 යැයි කියාය. එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය විමසා සිටියේ අධි­ක­රණ කට­යුතු 9.00ට පටන් ගන්නා බැවින් මෙසේ ප්‍රමාද වීම අධි­ක­ර­ණය හෑල්ලු­වට ලක් කිරී­මක් බවයි, “මේක සාමාන්‍ය නඩු­වක් නෙවෙයි, ඔයලා එනකං අධි­ක­ර­ණ­යට බලන් ඉන්න බෑ. මේ නඩුව වෙනස් සංවේදී නඩු­වක්. මේ නඩුවේ විත්ති­ක­රු­වන් දෙස බලන්න. ඒ සාමාන්‍ය අය නෙවෙයි, භික්ෂූන් වහ­න්සේලා. මං සිය­ලුම නිල­ධා­රීන්ට තරයේ අව­වාද කර­නවා, සිය­ලුම දෙනා ඉදිරි දිනයේ අධි­ක­ර­ණ­යට නොපැ­මිණි හේතු දැක්විය යුතුයි මේ සම්බ­න්ධ­යෙන්” යැයි මහේ­ස්ත්‍රා­ත්ව­රිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළාය.

එහිදී අධි­ක­ර­ණ­යට කාන්තා උප පොලිස් පරී­ක්ෂක ලක්මාලි මහ­ත්මිය වැඩි­දුර විම­ර්ශන වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් කරුණු ඉදි­රි­පත් කළ අතර, සැක­කාර ස්වාමින් වහන්සේ වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුද කරුණු ඉදි­රි­පත් කළහ.

ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මීග­මුව අති­රේක මහේ­ස්ත්‍රාත් සුබානි අබේ­සේ­කර මහ­ත්මිය එළැ­ඹෙන මැයි මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළාය. එමෙන්ම අඹ­ග­ස්මුල්ලේ පුණ්‍ය­ර­ත­නට සහ බෙල්පි­ටියේ ධම්ම­ර­ක්ඛිත යන හිමි­ව­රුන් දෙදෙ­නාට ගුවන් ගමන් තහ­න­මක් පන­වනු ලැබීය. දැනට රැඳ­වුම් නියෝග ලබා සිටින මහ­මුද් මොහො­මඩ් නමැති විත්ති­ක­රුද 14 වැනිදා මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසත්, ලබන 26 වැනිදා චන්ද්‍ර­කු­මාර නමැත්තා මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසත් බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට එහිදී නියෝ­ග­යක් නිකුත් කෙරිණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *