මහින්ද, නාමල්, බැසිල් මඩකලපුව බන්ධනාගාරයේදී පිල්ලෙයාන් හමුවෙලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව මඩකලපුව බන්ධනාගාරයෙදී හමු වී සාකච්ඡාවක් කර ඇති බවත් ගෝටාභය රාජපක්ෂ බලයට පත්වී සතියක් තුළ ඇප ලබා දීමට කටයුතු කරන බවට ඔවුන් එහිදී පිල්ලෙයාන්ට දැන්ම් දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කර තිබේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මේ කරුණු අනාවරණය කළේ, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මව්ලානාගෙන් ලබාගත් ප්‍රකාශ මතය.
ඔහු කියා සිටියේ ප්‍රංශයේ වෙසෙන් අසාද් මව්ලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් මෙම ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

