Latestදේශීය

ඉන්ධන හිඟ­යක් නැහැ

රට තුළ කිසිදු ඉන්ධන හිඟ­යක් නොමැති බවත්, ඉන්ධන සැප­යුම අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑමට අවශ්‍ය සියලු පිය­වර ගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව (CPC) අව­ධා­ර­ණය කරයි. ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ මයුර නෙත්ති­කු­මාර මහතා ප්‍රකාශ කළේ, මෙට්‍රික් ටොන් 90,000 බැගින් බොර තෙල් රැගත් නෞකා දෙකක් ඉදිරි දින කිහි­පය තුළ කොළඹ වරා­යට ළඟා වීමට නිය­මිත බවයි. මෙම නෞකා දෙකෙන් එකක් ඇමෙ­රිකා එක්සත් ජන­ප­ද­යෙන් ද, අනෙක එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යෙන් ද මෙර­ටට ගෙන්වනු ලබයි. මේ හරහා රටේ පව­තින ඉන්ධන අව­ශ්‍ය­තාව සපු­රා­ලී­මට සහ පිරි­ප­හදු කට­යුතු අඛ­ණ්ඩව කර­ගෙන යෑමට හැකි වනු ඇත. ඉන්ධන මිල ඉදි­රි­යේදී ඉහළ යනු ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පද­නම් විර­හිත ප්‍රචාර හේතු­වෙන් ඇතැම් ඉන්ධන පිර­වු­ම්හල් අසල අන­වශ්‍ය පෝලිම් නිර්මා­ණය වී තිබේ. කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා පෙන්වා දෙන්නේ මේවා හුදෙක් අසත්‍ය තොර­තුරු පම­ණක් බවයි.

රට තුළ දැනට පව­තින ඉන්ධන තොග ප්‍රමා­ණ­වත් බැවින්, ජන­තාව අනි­යත බියක් ඇති කර නොගත යුතු බව සංස්ථාව දැනුම් දෙයි. එබැ­වින්, මෙවැනි අසත්‍ය තොර­තුරු විශ්වාස කර­මින් පෝලි­ම්වල රැඳී සිටී­මෙන් ජන­තාව පීඩා­වට පත් නොවිය යුතු බව ද ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කර සිටියි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *