එස් එම් චන්ද්‍රසේනට අධිචෝදනා
දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (12) අධි චෝදනා ගොනු කර තිබේ.
ඒ අනුව, විත්තිකාර හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා දෙකක් ඉදිරිපත් කර ඇත.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ එනම් 2014 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වැනිදා අතර කාලසීමාව තුළ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට ලබා දීමට රජයේ වියදමින් ගන්වන ලද බඩ ඉරිඟු බීජ කිලෝග්‍රෑම් 36,000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාහැරීම තුළින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන `දූෂණය’ නමැති වරද සිදු කර ඇති බව අල්ලස් කොමිසම විසින් හිටපු ඇමති එස්.එම් චන්ද්‍රසේනට එරෙහිව ගොනුකළ චෝදනා පත්‍රයේ සඳහන් වේ.
මේ වනවිට එස්.එම් චන්ද්‍රසේනගේ බිරිඳ සහ සහෝදරයා රාජ්‍ය මූල්‍ය අභාවිත කිරීමේ චෝදනා යටතේ වසර 16ක සිරදඬුවම් විඳිමින් සිටිති.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

