Latestදේශීය

පිල්ලෙයාන්ගේ මනුෂ්‍ය ඝාතන 05ක් පිළිබද තොරතුරු අධිකරණයට

නැ‍ඟෙන­හිර පළාත් මහ ඇමැති මෙන්ම නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යෙක් ලෙස ද කට­යුතු කළ එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ අංශයේ ක්‍රියා­කා­රි­ක­යෙක් වූ සිව­නේ­ෂ­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් නොහොත් පිල්ලෙ­යාන්ගේ මෙ‍ෙහ­ය­වී­මෙන් කර ඇති බව කියන මිනිස් ඝාතන 05ක් සම්බ­න්ධ­යෙන් අනා­ව­ර­ණය වූ කරුණු අද (15) මඩ­ක­ළ­පුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.

මෙම ඝාතන 05ම සිදුව ඇත්තේ මඩ­ක­ළ­පුව ආශ්‍රි­ත­වය. පොලිස් නිල­ධා­රි­යෙක් වෙඩි තබා ඝාත­නය කිරීම, කප්පම් නොදීම හේතු‍‍වෙන් ව්‍යාපා­රි­ක­යෙක් ඝාත­නය කිරීම ඇතුළු ඝාතන 05ක් සම්බ­න්ධ‍යෙන් අධි­ක­ර­ණ­යට කරුණු දැක්වී­මක් කරනු ඇත.

එම ඝාතන අතර තම­න්ගේම සාමා­ජි­ක­යන් ඝාත­නය කිරී­මක්ද ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

නැ‍ඟෙන­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප­කු­ල­පති මහා­චාර්ය සිව­සු­බ්‍ර­ම­නි­යම් රවී­න්ද්‍ර­නාත් මහතා 2006 වසරේ දෙසැ­ම්බර් 15 වැනිදා පැහැ­ර­ගෙන අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන්ද පිල්ලෙ­යාන්ට සහ ඔහුගේ කල්ලි­යට එරෙ­හිව ගල්කිස්ස අධි­ක­ර­ණයේ කරුණු දක්වා ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

පිල්ලෙ­යාන්ගේ අති­ශ­යම සමී­ප­ත­ම­යෙක් වූ නැ‍ඟෙන­හිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙක් මෙන්ම පිල්ලෙ­යාන්ගේ ටී.එම්.වී.පී. පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­ව­රයා වූ කේ. පුෂ්ප­කු­මාර් නොහොත් ‘ඉනි­ය­භා­රතී’ නමැ­ත්තාට එරෙ­හි­වද මිනිස් ඝාතන 07ක් සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගෙන ඇති බව අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කරයි. තමාට ඇති අප­රාධ නඩු­ව­ලින් බේරී­මට ඔහු අක්ක­ර­ප­ත්තුව අධි­ක­ර­ණයේ ලේඛ­නා­ගා­ර­යට 2022 වසරේ කළ ගිනි තැබීම සම්බ­න්ධ­යෙන්ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි.
@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *