ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයින්ට හිමිවන කෝටි 5ක් වටිනා දියමන්ති මුද්ද
(ප්‍රින්ස් ගුණසේකර)
ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙන අවසාන තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතින් කුසලානය දිනා ගන්නා කණ්ඩායමට විශේෂ ‘ලෝක කුසලාන මුද්දක්’ පිරිනැමීමට කටයුතු යොදා ඇත. මේ එක් මුද්දක නිෂ්පාදන වියදම අමෙරිකානු ඩොලර් 150,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 5ක් පමණ) වනු ඇත. මේ මුදුවලට දියමන්ති සහ නිල් මැණික් ඇතුළත්වන අතර, සෑම මුද්දක්ම කැරට් 18ක ඝන රත්තරනින් නිමවා ඇත.
මෙවැනි මුදු 2026ක් නිෂ්පාදනය වන අතර, එය ලෝක කුසලාන ජයග්‍රහණ වර්ෂය සහ විකුණුම් ප්‍රමාණය යන දෙකම නිරූපණය කෙරේ. මෙයින් ලෝක පාපන්දු ශූර කණ්ඩායම සඳහා විශේෂ මුදු තිහක් සාදා ඇති අතර, ඊට අමතරව, ලෝක කුසලාන අනුග්‍රාහකයන්ට හා තෝරාගත් පාපන්දු ලෝලීන් පිරිසකට විකිණීම සඳහා තවත් මුදු 1,996ක් නිමවා තිබේ. සෑම මුද්දකම කුඩා ලෝක කුසලානයක් ඇතුළත් විශේෂ කැටයමක් හා ජයග්‍රාහී කණ්ඩායමේ වර්ණ ඇතුළත් කොට ඇත.

අවසන් තරගයෙන් පසු ‘ලෝක කුසලාන මුද්ද’ ශූරතා දිනූ ක්‍රීඩකයන්ට වහාම නොලැබෙනු ඇති බවත්, නායකයාට සහ පුහුණුකරුට පළමුව සංකේතාත්මක මුදු ප්‍රදානයක් සිදු කරන බවත් ෆීෆා සඳහන් කළේය. සංචිතය සඳහා වන මුදු 30 පසුව ක්‍රීඩකයන්ගේ නම් සහ ශූරතා කණ්ඩායමේ නිශ්චිත වර්ණ සහිතව ලබාදෙනු ඇත.
අමෙරිකානු ක්‍රීඩා සංස්කෘතියට අනුව එන්එස්එල් බාස්කට්බෝල් වැනි ප්‍රමුඛ පෙළේ තරගවල ජයග්‍රාහී කණ්ඩායම්වලට මුදු ප්රදානය කිරීමේ දිගු සම්ප්රදායක් තිබුණද, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී එවැනි මුදු ප්‍රදානයක් සිදු කරන ලද පළමු අවස්ථාව මෙය වේ.
ලෝක කුසලාන අවසන් තරගය නැරඹීම සඳහා ට්‍රම්ප් පිටියේ සිටින බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් තහවුරු කළාය. ලෝක පාපන්දු සභාපති ගියනි ඉන්ෆැන්ටිනෝ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සම්බන්ධතාව වත්මන් ලෝක කුසලානය අතරතුර පාපන්දු ලෝකයේ බොහෝ මතභේදයට තුඩු දුන්නේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

