මෝදිට එළිපිටම සරදම් කළ කැරපොත්තෝ
(ප්‍රේමලාල් විදානගේ)
“ලංකාවේ බංග්ලාදේශයේ හෝ නේපාලයේ සිදු වූවාක් මෙන්
පවතින රජය පෙරළා දමන්න මේ තරුණයන්ට බැරි වේවි..!
ඒත් මෝදිට ඡන්දය දුන් හින්දු ජනයාගේ දූ දරුවන්
මෝදිට එරෙහිව පාරට බැස සිටිනවා දැකීම සතුටකි..!
මෝදිට රහසින් හෝ සරදම් කිරීම සිරගත වන තරමේ අපරාධයක් වී තිබුණු රටක තරුණයෝ දැන් එළිපිටම ඔහුට සරදම් කරති..!”
අරුන්දතී රෝයි.
කැරපොතු ජනතා පක්ෂය විසින් ඉන්දියාවේ දියත් කර තිබෙන විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන්, එම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වන බුකර් සම්මානලාභී අරුන්දතී රෝයි දක්වා ඇති අදහස් කිහිපයක් උපුටා දක්වනට අපි සිතූවෙමු.
ඇය මේ අදහස් දැක්වීම සිදු කර තිබුනේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.
ඉන්දියාවේ තරුණ පරපුර දියත් කර තිබෙන මෙම අරගලය, ලංකාවේ හෝ බංග්ලාදේශයේ හෝ නේපාලයේ හෝ සිදු වූවාක් මෙන් පවතින පාලන තන්ත්‍රය පෙරළා දැමීම කරා දිග් ගැහෙනු ඇතැයි සිතිය නොහැකි බව ඇගේ අදහසයි.
නමුත් මේ අරගලය, ඇගේ ආශ්වාදයට හේතු වී තිබෙන කරුණු රැසක් ඇති බව ඇය පවසයි.
ඉන් පළමුවැන්න, මෙය මෝදි පාලනයට එරෙහිව මෙතෙක් පැන නැගී ඇති දැවැන්තම ජනතා විරෝධය වීමයි. වඩාත්ම ආශ්වාදජනක කරුණ වී තිබෙන්නේ, 2002 වසරේ දී ගුජරාටයේ මහ ඇමති ධූරය සදහා මෝදි තෝරා ගැනීමට ඡන්දය දුන් ජනතාවගේ දූ දරුවන් මෝදිට එරෙහිව මෙම විරෝධය දියත් කර තිබීමයි.
එමෙන්ම, මෙම විරෝධතා ව්‍යාපාරයට හින්දු, මුස්ලිම්, කතෝලික, බෞද්ධ ආදී සෑම ආගමික නියෝජනයක් ම සම්බන්ධ වී තිබීම හේතුවෙන්, මෝදිට එය ජාතිවාදී හෝ ආගම්වාදී දෘෂ්ටි කෝණයකින් අර්ථ දැක්වීමට නොහැකි තත්ත්වයක් උදා වී මයි.
විරෝධතා ව්‍යාපාරයට එක් වී සිටින බහුතරය හින්දු තරුණයන් වීම හේතුවෙන් පොලිසියට හිතූ මනාපයේ මර්දනය දියත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද අරුන්දතී රෝයි පවසයි.
මීට සතියකට පමන පෙරදී, මෝදිට එරෙහිව “සුළු විහිළුවක්” කිරීම පවා සිරදඩුවම් හිමිවන තරමේ බරපතල වරදක් වී තිබුණු රටක තරුණයන්, මේ වන විට මෝදිට එරෙහිව බොහෝ කියමින් සරදම් කිරීම බලා සිටීමට ලස්සන – අපූරු තත්ත්වයක් බවද අරුන්දතී රෝයි පවසයි.
කැරපොතු ජනතා ව්‍යාපාරය ඒ නමින් ආරම්භ වී තිබුනේ ඉන්දීය අගවිනිසුරුවරයා විසින් රැකියා විරහිත තරුණයන් කැරපොත්තන් සහ පරපෝෂිතයන් ලෙසට කර තිබූ ප්‍රකාශයක් මත පදනම්වයි.
දැනට පවතින ශිෂ්‍ය ව්‍යාපාරයට හේතුව ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියකි.
2014 වසරේ සිට මේ දක්වා ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිදුවීම් 152 ක් වාර්තා වී තිබේ.
විරෝධතා දක්වන තරුණ පිරිස් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

