නදුන් චින්තකට දන්ඩ නීති සංග්‍රහය යටතේ නඩු
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල අද (30) නියෝගයක් ලබා දෙමින් සඳහන් කර තිබේ.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවද කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක් ඉදිරිපත්ව සිටිති.
හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද මෙම නදුන් නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නැමති සංවිධානාත්මක අපරාධ කරුට රැඳවුම් භාරයෙන් මුදාගෙන සාමාන්‍ය බන්ධනාගාර මැදිරියක යොමු කිරීමට සහ ඝාතනය නොකර ආරක්ෂා කර ගැනීමට රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

