අධිකරණයට අපහාස කළ 06යේ කල්ලිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳව නිකුත් කළ ප්‍රකාශ තුළින් විමල් වීරවංස, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න, දිලිත් ජයවීර, මහින්ද පතිරණ ඇතුළු පිරිසක අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (5) තීරණය කර තිබේ.
සැකකරුවන් 2024 අංක 08 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝණය කරමින් අදහස් ප්‍රකාශ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය කරුණු වාර්තා කර තිබිණි.
ඒ අනුව, සුරේෂ් සලේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයකදී කළ ප්‍රකාශ තුළින් හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංස, උදය ගම්මන්පිල, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන සුගීශ්ව බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහින්ද පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන අය අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන තීරණය කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්ථාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත් අද මෙම නියෝගය ලබා දී තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා මේ පිළිබද අභියාචනාධිකරණයට දන්වා යැවීමට කටයුතු කරන බව මහේස්ත්‍රාත් මෙහිදී සිය නියෝගයේ සඳහන් කර ඇත.

@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
