තම දියණියගේ වයසේ දියණියක් අපයෝජනය කළ ටියුෂන් ගුරුවයෙක් අත්අඩංගුවට
අවුරුදු 15යි මාස 9ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් කළැයි කියන බාහිර උපකාරක පන්ති ගුරුවරයකු වරකාපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් අමරසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 03වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දැදිගම පොලිස් වසමේ නෙළුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින 59 හැවිරිදි එක්දරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ගුරුවරයා දැදිගම ප්‍රදේශයේ විද්‍යා උපකාරක පන්තියක් පවත්වාගෙන යන බවත් ඔහු රජයේ ගුරු සේවාවක් කර නොමැති බවත්ය. ඉකුත් 29 වැනිදා පෙරවරු 8 සිට 10 දක්වා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට උපකාර පන්තිය පවත්වා ඇති බවත් පැමිණිලිකාර ශිෂ්‍යයාව එදින උපකාරක පන්තියට පැමිණ නොමැති බවත් පැවසීය.
විද්‍යා පන්තිය පෙරවරු 10ට අවසන් කර ඇති උපකාරක පන්ති ගුරුවරයා පන්තියට නොපැමිණි පැමිණිලිකාර බාලවයස්කාර ශිෂ්‍යයාව සහ මවුපියන් භාවිත කරන ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන තිබේ. දුරකතනයට පිළිතුරු දී ඇත්තේ බාල වයස්කාර ශිෂ්‍යයාවයි. පසුව උපකාරක පන්ති ගුරුවරයා ඇමතුම් ගණනාවක් ගෙන දැරිය, අමතර පන්ති පවත්වන ශාලාවට ගෙන්වාගෙන අපයෝජනය කර තිබේ.
පසුව බාල වයස්කාර ශිෂ්‍යයාව නිවෙසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් මවට දන්වා ඇත. මව වහාම උපකාරක පන්ති ගුරුවරයාගේ නිවෙසට ගොස් විමසීමක් කර තිබේ.
සිද්ධියක් වුණු බවත් කිසිවකුට නොදන්වන ලෙසත් කියමින් ගුරුවරයා අවසානයේ දැරියගේ මවට වැඳ සමාව ඉල්ලා ඇත.
පසුව මව දැරිය සමඟ 29 වැනිදා රාත්‍රී දැදිගම පොලීසියට පැමිණ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර දැරිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
පැමිණිල්ලට අනුව දැදිගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දම්මික පතිරාජ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක චන්ද්‍රානි, කාන්තා පොලිස් සැරයන් (6554) තක්ෂිලා යන නිලධාරීන් උපකාරක පන්ති ගුරුවරයාගේ නිවෙසට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන පෙරේදා (30) වරකාපොළ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් අමරසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණ. සැකකරුගේ එකම දියණියත් අපයෝජනයට ලක් වූ දැරියත් එකම පාසලේ එකම ශ්‍රේණියක පන්ති දෙකක ඉගෙනුම ලබන ශිෂ්‍යයාවන් බවත් පොලීසිය කියයි.
දැදිගම පොලීසියේ පොලිස් සැරයන් (72331) කුමාර නිලධාරියා සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

