කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නැවකට අමෙරිකාව පහර දෙයි
ඉරානයේ කාර්ග් දූපත ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ ඉරාන තෙල් නැවකට අමෙරිකානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ Student News Network (SNN) සඳහන් කර ඇත්තේ ඛාර්ග් දූපතේ සිට නාවික සැතපුම් හයක පමණ දුරකදී කුඩා ඉරාන තෙල් නැවක් ප්‍රහාරයට ලක්ව ඇති බවයි. පසුව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම නෞකාවට අමෙරිකානු මිසයිල හතරක් එල්ල වී ඇති අතර, කාර්ය මණ්ඩලය ඉවත් කරමින් සිටින බවයි.
ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු පාර්ශ්වයෙන් නිල තහවුරු කිරීමක් තවමත් ලැබී නොමැත.
ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපත, එරට තෙල් අපනයනය සඳහා අතිශය වැදගත් ස්ථානයක් ලෙස සැලකේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

