Latestක්‍රීඩාදේශීය

ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේ ජය රුමේෂ් තරංග හිමිකර ගනී

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්විය.

ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්විය.

මෙරට වේලාවෙන් අද (06) අලුයම අවසන් වූ මෙම තරගයේදී ඔහු මීටර් 89.04ක දුරක් විසි කරමින් මෙම දක්ශතාව දැක්වීය.

මෙහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු මීටර් 87.47ක දුරක් විසි කළේය.

එමෙන්ම තෙවන ස්ථානය මීටර් 83.99ක දුරක් විසිකළ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ කෙෂූ වෝල්කට් ට හිමි විය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *