Latestදේශීය

නානුඔය ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් අවසන්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ නානුඔය–ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය මාර්ගයේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර, එම කටයුතු එළඹෙන දෙසැම්බර් මාසය වන විට අවසන් කර දුම්රිය මාර්ගය යළි ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා ඇතුළු පිරිසක් පසුගියදා නානුඔය–ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කළ අතර, එහිදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුකරමින් පවතින අතර, එම කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් වෙත ජනතා ප්‍රණාමය හිමිවන බව ද මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *