ලංකාවේ තියෙන හොදම උදාහරණය මහින්ද
(මෙලනි ගුණතිලක)
ඔබ වීරයෙක් ලෙස මිය නොගියොත් විහිළුවක් බවට පත්වන තෙක් ජීවත් වනු ඇත.
මට මහින්දගෙ ගරු කල යුතු දෙයක් නම් පේන්නෙ නෑ. කවදාවත් පොහොට්ටුවට චන්දයක් දීලා නැති නිසා විතරක් නෙවෙයි, කෙලින් කටින් හිටිය කාලේ ගේම් එක ගානට ප්ලේ කලා කියන්නෙ ගරු කටයුතු දෙයක් නොවන නිසා.
ඕන කෙනෙක්ගේ හිත සතුටු වෙන විදිහට කතාබහ කරන්න පුළුවන් කෙනෙක් කියන්නෙ කිසිම කෙනෙක්ට අවංක කෙනෙක් නෙවෙයි. ඒ තමන් ඉදිරියේ ඉන්න කෙනාට ගැලපෙන්න කතාව, පොරොන්දු වෙනස් කරලා බොරු කියන කෙනෙක්. අරගලයෙන් වෙනස් කරන්න උත්සාහ කලෙත් ලංකාවේ ඔඩු දුවපු ඒ දූෂිත, වංචනික දේශපාලන සංස්කෘතියම තමයි.
අද මයිනහමක් වගේ පිඹ පිඹ මහින්ද ස්ටේජ් එකේ ගාටනවා දැක්කම බලයට තියෙන තණ්හාව මිනිස්සුන්ව කොයිතරම් අන්ධ කරන්න, පහත් කරන්න පුළුවන්ද කියලා හිතුනා.
මං හිතන්නේ මහින්දගෙන් ඉගෙන ගන්න තියෙන ලොකුම පාඩම පවුලක් එකතු වෙලා හොරා කාලා රටක් බංකොලොත් කරන හැටිවත්, ජාතිවාදය ආගම්වාදය සහ මර්දනය පාවිච්චි කරලා බලය රැක ගන්න එකවත් නෙවෙයි. නිවැරදි කාලය ආවම බලය අත් හරින එකේ වැදගත්කම.
බලය අත් හැරීම බලය ලබා ගැනීමටත් වඩා අසීරු වුනාට, ජීවිතේ අන්තිම කාලේ බල තණ්හාවට යට වුනොත් ජීවිත කාලයක් ගොඩනගාගත්ත දේවල් බලා ඉඳිද්දී අහිමි වෙන බව තේරුම් ගන්න ලංකාවට තියෙන හොඳම උදාහරණය මහින්ද.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

