Latestදේශීය

මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ පිළිබඳ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

එම්.එස් අබ්දුල් වාහිද්ගේ ලිපියට අනුව, ඉහත ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් මස 14 වැනි දින සිට බලපැවැත්වෙන බවද වැඩ බලන මහ ලේකම් සඳහන් කර තිබේ.

ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත දැනුම් දී ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *