“මම කොටියෙක්” කී අර්චුනා ගැන විමර්ශන අරඹයි
අනුරාධපුර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ ජනරැලිය අමතමින් “මම කොටියෙක්” යැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැවසීය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින සිවිල් ක්‍රියාකාරි කණ්ඩායමක් විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අදාළව මේ විමර්ශන කටයුතු පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට පවරා තිබේ.
ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය වන අයුරින් අදාළ දේශපාලන රැලියේදී ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඔවුන් එම පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් පසුගිය 12 වැනිදා පැවැති එම රැස්වීමේදී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා විසින් කළ එම ප්‍රකාශයට අදාළව සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී ආයතනවලින් ලබාගැනීමට කටයුතු කරන බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් කීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

