Latestදේශීය

අරවින්ද ද සිල්වා අත්අඩංගුවට ගන්න නියෝග කළේ ඇයි?

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (16) නියෝග කර තිබේ.

අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ සහෝදරිය මෙන්ම මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට මීට පෙර පවරා තිබුණු නඩුවක ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී සිටි අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ, එම ඇපකාරභාවයෙන් ඉවත් වීම සඳහා පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඔවුන් මෙසේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දන්වා සිටියේ, අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වී ඇති බවත්, ඇයගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (16) දිනයේදී යෙදී තිබීම හේතුවෙන් ඔවුන්ට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *