Latestවිදේශීය

හවුති පහරදීමෙන් සෞදි ආරක්ෂක ගිවිසුම අර්බුදයක

යේම­නයේ හවුති කැරැ­ලි­ක­රු­වන් සවුදි අරා­බි­යට ප්‍රහාර එල්ල කිරී­මත් සමඟ පාකි­ස්තා­නය සහ තුර්කිය සමඟ සවුදි රජය ඇති­ක­ර­ගත් මැකා ඒකා­බද්ධ ආර­ක්ෂක ගිවි­සුම සම්බ­න්ධ­යෙන් ගැටලු සහ­ගත තත්ත්ව­යක් උදා වී තිබේ. සවුදි අරා­බියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු, පාකි­ස්තා­නයේ අග­මැති ශෙබාස් ෂරිෆ් සහ තුර්කියේ ජනා­ධි­පති රිසෙප් තයිබ් ඒඩෝ­ගන් අතර පසු­ගිය මාස­යේදී අත්සන් තැබූ මේ ගිවි­සු­මට අනුව සාමා­ජික රට­කට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහා­ර­යක් රට­වල් ත්‍රිත්ව­ය­ටම එල්ල කරන ලද ප්‍රහා­ර­යක් ලෙස සැල­කෙන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එය නේටෝ සංවි­ධා­නයේ 5 වැනි වග­න්ති­යට සමාන ආර­ක්ෂක ක්‍රම­වේ­ද­යක් වන අතර, එබැ­වින්ම මේ ගිවි­සුම ‘මුස්ලිම් නේටෝ‘ නමින් ද එව­කට හඳු­න්වනු ලැබූ බව වාර්තා වේ.

හවුති කැර­ලි­ක­රු­වන් සවුදි අරා­බියේ බල­ශක්ති යටි­තල පහ­සු­කම් සහ හමුදා කඳ­වුරු ඉලක්ක කර­මින් දිගින් දිග­ටම දැවැන්ත මිස­යිල ප්‍රහාර එල්ල කළද, පාකි­ස්තා­නය සහ තුර්කිය එම ප්‍රහා­ර­ව­ලට එරෙ­හිව රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මෙන් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, සෘජු හමු­දා­මය මැදි­හ­ත්වී­ම­කින් වැළකී සිටීම හේතු­වෙන් මැකා ආර­ක්ෂක ගිවි­සුමේ ප්‍රායෝ­ගික තත්ත්වය අභි­යෝ­ග­ය­කට ලක්වනු ඇතැයි වාර්තා පළ වී තිබේ. අභ්‍ය­න්තර ආර්ථික අර්බු­ද­යක් පැවැ­තී­මත්, ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාවේ පව­තින අස්ථා­ව­ර­ත්වය සහ රට තුළ ෂියා මුස්ලිම් ජන­තාව අතර නොස­න්සු­න්තා­වක් හට­ගැ­නීම වැළැ­ක්වීමේ අව­ශ්‍ය­තාව මත පාකි­ස්තා­නය ඊට හමු­දා­මය වශ­යෙන් මැදි­හත් වීමෙන් වැළැකී සිටින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. එමෙන්ම නේටෝ සංවි­ධා­නයේ සාමා­ජි­ක­යකු ද තුර්කිය හවුති යුද්ධ­යට මැදි­හ­ත්වී­මෙන් එම විදේශ ප්‍රති­ප­ත්තිය සංකීර්ණ වනු ඇතැයි ද, රතු මුහුදේ සහ මැද­පෙ­ර­දිග ස්වකීය භූ දේශ­පා­ල­නික මුලෝ­පා­යන් භාවිත කර­මින් සිටින බැවින් තුර්කි­යට එවැනි යුද්ධ­ය­කට එක්වීමේ අව­ශ්‍ය­තා­වක් නැතැයි ද මැද­පෙ­ර­දිග දේශ­පා­ලන විශ්ලේ­ෂ­යන්ගේ අද­හස වී තිබේ. රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මෙන් එවැනි ආර­ක්ෂක ගිවි­සු­ම­කට එක්වූ­වද, අර්බු­ද­ය­කදී එහි හවු­ල්ක­රු­වන් ස්වකීය ජාතික අභි­ලා­ෂ­යන්ට ප්‍රමු­ඛ­ත්වය ලබා දෙන බව මෙම­ඟින් පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

මේ තත්ත්වය මත එම ගිවි­සු­මට එක්වී­මට ඇරි­යුම් ලැබූ බංග්ලා­දේ­ශය වැනි රට­වල් නැවත ඒ පිළි­බඳ සිතා බැලිය යුතු බවත්, එවැනි ගිවි­සු­ම­කට බැඳී­මෙන් බංග්ලා­දේ­ශ­යට මැද­පෙ­ර­දිග රට­වල් සමඟ පව­තින සංකීර්ණ හා දීර්ඝ­කා­ලීන ගැටු­ම්වල කොට­ස්ක­රු­වකු වීමට සිදු­වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඉරා­න­යට එරෙ­හිව යැයි සැල­කෙන එවැනි ගිවි­සු­ම­කට එක්වී­මෙන් බංග්ලා­දේ­ශ­යට ඉරා­නය වැනි සෙසු මුස්ලිම් රට­වල් සමඟ පව­තින රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තා­ව­ලට හානි සිදු­විය හැකි බව ද එරට මාධ්‍ය සඳ­හන් කරයි. ඒ අනුව හමු­දා­මය සහ භු දේශ­පා­ල­නික යථා­ර්ථ­යන් සැල­කි­ල්ලට ගෙන රට­වල් අතර ආර­ක්ෂක සන්ධා­න­ව­ලට බැඳී­මේදී සියලු රට­වල් වඩාත් ප්‍රවේ­ශම් විය යුතු බවට ද අද­හස් පළ වී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *