Latestවිදේශීය

එංගලන්තයේ චාල්ස් මියන්මාරයේ සුකීට ලියයි

මියන්මාරයේ හමුදා පාලනය යටතේ රඳවා සිටින එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා 81 හැවිරිදි අවුන් සාන් සුකී වෙත බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු විසින් පොත් දෙකක් සහ මුද්‍රා තැබූ ලිපියක් එවා ඇති බව මියන්මාර හමුදා රජය නිවේදනය කර තිබේ.

ඊයේ (19) එරට නිලධාරීන් විසින් අවුන් සාන් සුකී වෙත මෙම පොත් සහ ලිපිය භාර දෙනු ලබන ඡායාරූපද හමුදා රජය විසින් ප්‍රසිද්ධ කර ඇත.

2021 වසරේ මියන්මාර හමුදාව විසින් එරට රජය බලයෙන් පහ කරන ලද අවස්ථාවේ සිට සුකී අත්අඩංගුවේ පසුවන අතර, බහුතරයකගේ දෝෂදර්ශනයට ලක්වූ චෝදනා මත ඇයට සිරදඬුවම් නියම කර තිබුණි.

මුලින් වසර 33ක සිරදඬුවමක් නියම වී තිබූ ඇය, පසුගිය ජුනි මාසයේදී නිවාස අඩස්සියට මාරු කරන ලදී.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවිහිංසාවාදී අරගලයක නිරත වීම වෙනුවෙන් 1991 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අවුන් සාන් සුකී, සිරගතව සිටියදී විශේෂයෙන්ම ආගම සහ ස්වභාවධර්මය පිළිබඳ ග්‍රන්ථ විශාල වශයෙන් කියවන අයකු ලෙස ප්‍රකටය.

නිකුත් කරන ලද ඡායාරූපවල සුකී සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසී නිලධාරීන් දෙදෙනෙකු සමඟ මේසයක් අසල වාඩි වී සිටිනු දක්නට ලැබුණද, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය හෝ සාකච්ඡා කළ අනෙකුත් කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණ කර නැත.

කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයෙකු ඇය හමුවී ඇති අතර, ලන්ඩන් නගරයේ පදිංචි ඇයගේ පුත් කිම් ඇරිස් (Kim Aris) ප්‍රකාශ කර ඇත්තේ ප්‍රකාශිත ඡායාරූපවලට අනුව සිය මව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *