Latestදේශීය

කළුතර බන්ධනාගාරයට කුඩු ගංජා විසිකරයි

කළුතර බන්ධනාරය තුළදී ඊයේ (21) පස්වරුවේ අහසට වෙඩිතැබීමක් සිදුව තිබේ.

බන්ධනාරයට පිටතින් සිටි පුද්ගලයෙකු බන්ධනාරය තුළට පාර්සල කිහිපයක් විසිකිරීම සඳහා ඒ ආසන්නයට පැමිණ තිබේ.

එහිදී බන්ධනාගාරයේ ආරක්ෂක කුලුනුවල සිටි නිලධාරීන්, එම ස්ථානයෙන් ඉවත්වන ලෙස එම  පුද්ගලයාට දැනුම්දීමක් කර ඇත.

එම අවස්ථාවේදී ඔහු එම පාර්සල බන්ධනාගාරය තුළට විසිකිරීමත් සමග නිලධාරීන් අහසට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

කෙසේ වෙතත් අදාළ පුද්ලගයා විසිකළ පාර්සල් දෙකක් බන්ධනාගාරය තුළට පතිත වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

නිලධාරීන් වෙඩිතැබීමත් සමග එම පුද්ගලයා පලාගොස් ඇති අතර, මේ පිළිබඳ විමර්ශයක් ආරම්භ කර ඇත.

මේ අතර බන්ධනාගාරය තුළ තිබි හමුවූ පාර්සල තුළ කුඩු හා ගංජා තිබී ඇති බවද වාර්තා වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *