චාමර සහ ලේකම් 06 දක්වා බන්ධනාගාරයට
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්යවරයකු සහ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම්වරයා ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම විසින් අද (23) මෙම නියෝගය ලබා දෙන ලදී.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම විමර්ශනය සිදු කරනු ලබයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

