Uncategorized

බෙංගමුවේ නාලක හිමිගේ පෙත්සම ප්‍රතික්ෂේපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් ගොනු කළ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා (22) නියෝග කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අදාළ අතරමැදි පෙත්සම් ගොනු කර තිබිණි.

කෙසේ වෙතත්, එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒවා ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *