රෝහිත සහ යෝෂිත, මහින්ද අතහැරලා ?
මූල්ය අපරාධ චෝදනා විමර්ශනය සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු රැසක් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි පසුගිය දා (27) අධිකරණයේ දී ප්රකාශ කරනු ලැබීය.
මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන දෙදෙනාම බරපතළ රෝගාබාධවලින් පෙළෙන බව හෙළි කිරීම එයින් එක් සුවිශේෂී කරුණකි. එයට අමතරව, වඩාත් වැදගත් වී තිබෙන්නේ වයස අවුරුදු 81ක් වන මහින්ද රාජපක්ෂ විශාධියෙන් පෙළෙන බවත්, ඔහුව රැක බලා ගැනීමට ශිරන්ති රාජපක්ෂ හැර සිටින්නේ නාමල් රාජපක්ෂ බව ය.
මේ අනුව ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි අධිකරණයේ දී ව්යංගයෙන් ප්රකාශ කර ඇත්තේ රෝහිත සහ යෝෂිත පුතුන් දෙදෙනා තම පියාව රැක බලා නොගන්නා බවයි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

